‘පුංචි ඡන්දය ගැන
කොමිසමේ සාමාජිකයන්ට
එක් මතයක් තිබෙන බවට
නිල ප්‍රකාශයක් අවශ්‍යයි.’ ජනපති කියයි.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට එක් මතයක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණි.
ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර හමුවකට පසුව ජනාධිපතිවරයා මේ බව පැවසී යැයි මාධ්‍ය මගින් වාර්තා කර තිබුණු අතර ඒ වාර්තා තමන් ප්‍රතික්ෂේප නොකරන බව ජනාධිපතිවරයා යළිත් තහවුරු කර තිබේ.
ඒ ජනාධිපතිවරයා සහ මාධ්‍ය ප්‍රධානීන් පැවති හමුවක දී ය.
මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් එක් මතයක සිටින බව වාචිකව නොව නිළ වශයෙන් ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.
අද දිනයේ දී එකී නිල ප්‍රකාශය තමන්ට අවශ්‍ය බවද ජනාධිපතිවරයා පවසා ඇතැයි දිවයින පුවත්පත වාර්තා කරයි.