‘පුංචි ඡන්දය පවත්වනවාද..?’ නීතිපතිගේ නිර්දේශය ලැබුනු නමුත් එය හෙළිකළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති කියයි.

0
238

පුංචි ඡන්දය පවත්වනවාද..?
නීතිපතිගේ නිර්දේශය ලැබුනු නමුත්
එය හෙළිකළ නොහැකි බව
මැතිවරණ කොමිසමේ සභාපති කියයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටි උපදෙස් තමන්ට ලැබී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පවසා තිබේ.

21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග සියළු ස්වාධීන කොමිසම් අහෝසි වී යන අතර එවැනි තත්ත්වයක් තුළ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීf ම් බලය මැතිවරණ කොමිසමට පවතී ද යන ප්‍රශ්නය මතු විය.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා තිබුණු අතර මේ වන විට එම උපදෙස් ලැබී ඇති බව පැවසේ.

කෙසේ වෙතත් නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස කුමන තත්ත්වයක් යටතේවත් හෙලිකළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා ඇතැයි ද මෝර්නිං පුවත්පත වාර්තා කරයි.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලුම් කළද එම තොරතුරු ලබා දිය නොහැකි බවයි සභාපතිවරයා පවසා ඇත්තේ.

මැතිවරණය පැවැත්වීමේ හැකියාව පිළිබදව මැතිවරණ කොමිසම නීතිපති උපදෙස් ඉල්ලා සිටීම පාර්ශ්ව රැසක විරෝධයට හේතු වී තිබුණි.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙන්ම පැෆරල් සංවිධානයද මැතිවරණ කොමිසමට මැතිවරණව පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නීතිපති උපදෙස් අවශ්‍ය නැති බව පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × three =