පුංචි ඡන්දය ප්‍රකාශයට පත් කිරීම;
මැතිවරණ කොමිසම
නීතිපතිගෙන් උපදෙස් පතයි.
පැවැත්වීමට නියමිතව තිබෙන පලාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලයක් තිබේද යන්න පිළිබදව නිශ්චිතව තහවුරු කර ගැනීම සදහා මැතිවරණ කොමිසම නීතිපතිවරයා මුණ ගැසීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුව මෙතෙක් පැවති සියළු ස්වාධීන කොමිසම් සභාවන්ගේ නිල කාලය අහෝසි වී යන අතර මේ වන විට පවතින්නේ අතරමැදි කාලපරිච්ඡේදයයි.
එම කාලය තුළ පරිපාලනමය කටයුතු පවත්වාගෙන යාම හැර වෙනත් තීරණාත්මක කටයුතු සදහා මැදිහත් වීමට කොමිසමට බලය තිබේද යන්න ගැටළුවකි.