පුංචි ඡන්දය සම්බන්ධයෙන්
රාජ්‍ය පරිපාලන ලේකම් නිකුත් කළ
ආන්දෝලනාත්මක නියෝගය
ආපසු කැදවයි…!
පලාත් පාලන ඡන්ද විමසීමට අදාල රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරු වෙත ඊයේ දිනයේ දී නිකුත් කර තිබුණු ආන්දෝලනාත්මක නියෝගය ආපසු කැදවා ඇති බව වාර්තා වේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊයේ දිනයේ දී නිකුත් කළ නියෝගයෙන් පුංචි ඡන්දයට අදාලව ඇප මුදල් භාර ගැනීමෙන් වළකින ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබුණි.
ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, මෙය ඡන්දය නොපැවැත්වීමට අදාලව ආණ්ඩුව ගෙන යමින් සිටින කුමන්ත්‍රණයේ ම දිගුවක් බවට චෝදනා කළේය.
ඊයේ ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම පවසා තිබුණේ රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගේ නියෝගය නොතකා හරිමින් දිස්ත්‍රික් ලේකම්වරු විසින් ඇප මුදල් භාරගත යුතු බවයි.
කෙසේ වෙතත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ඊයේ දිනයේ දී දිස්ත්‍රික් ලේකම්වරු වෙත නිකුත් කර තිබුණු නියෝගය මේ වනවිට ඔහු විසින්ම ආපසු කැදවා ඇති බව වාර්තා වේ.