‘පුංචි ඡන්දෙට පොලිසියෙනුත් අංචියක්…!’ මේ ඡන්දෙට වැඩ කරන්න ඕන්නං ගිය ඡන්දේ ගෙවීම් කරලා ඉන්න..! පොලිස්පති මැතිවරණ කොමිසමට කියයි.

0
136

පුංචි ඡන්දෙට පොලිසියෙනුත් අංචියක්…!
‘මේ ඡන්දෙට වැඩ කරන්න ඕන්නං
ගිය ඡන්දේ ගෙවීම් කරලා ඉන්න..!’
පොලිස්පති මැතිවරණ කොමිසමට කියයි.


පළාත් පාලන මැතිවරණයට අදාල කටයුතු සදහා පොලිස් නිළධාරීන් අනුයුක්ත කිරීමේ ගැටළුවක් මතුව ඇති බව පොලිස්පතිවරයා විසින් මැතිවරණ කොමිසම දැනුවත් කර තිබෙන වාර්තා වේ.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ අවසන් වරට පවත්වන ලද මැතිවණය සදහා පොලිසිය විසින් ලබා දෙන ලද සේවාවන් වෙනුවෙන් වූ ගෙවීම් මැතිවරණ කොමිසම නිසි පරිදි මේ දක්වා ගෙවා නොමැති වීමයි.

එබැවින් මෙවර පළාත් පාලන මැතිවරණ රාජකාරී ආරම්භ කිරීමට ප්‍රථම පසුගිය මැතිවරණය සදහා කළ යුතු ගෙවීම් ප්‍රතිපූරණය කරන ලෙස පොලිස්පතිවරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

මැතිවරණ රාජකාරී සිදු කිරීමේ දී නීතිවිරෝධී පෝස්ටර් සහ කටවුට්ස් වැනි දේ ඉවත් කිරීමට පොලිසිය කුලී කම්කරුවන්ගේ සේවය ලබා ගන්නා අතර ඒ සදහා වන ගෙවීම් සිදුකරනු ලබන්නේ පොලිසිය සතු මුදල් යොදා ගනිමිනි.ඒ එම මුදල් පසුව මැතිවරන කොමිසමෙන් ලබා ගැනීමේ අරමුණ ඇතිවයි.

කෙසේ වෙතත් මේ දක්වා පසුගිය මහ මැතිවරණය සදහා පොලිසිය විසින් දරන ලද එබදු වියදම් මැතිවරණ කොමිසම මේ දක්වා පියවයා නැති බව පොලිස්පතිවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 + eighteen =