“පුටින්; යුක්රේන ජනතාවට මත පතුරුවා ඇතිභීෂණයට එරෙහිව මුළු ලොවම එක්විය යුතුයි..!”බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අගමැති රනිල්ට කියයි.

0
37

ඊයේ දිනයේ දී බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර දුරකථන සංවාදයක් සිදුව තිබේ.

එම සංවාදයේ දී සාකච්ඡාවට බදුන් වූ කරුණු පිළිබදව බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය කෙටි නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව, නැවත වරක් අග්‍රාමාත්‍ය ධූරයට පත්වීම පිළිබදව බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කර තිබේ.

එමෙන්ම, වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකීය පුරවැසියන් වෙත අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවද බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වී තිබේ.

ඊට අමතරව, බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීම පිළිබදවද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සමග කතා කර තිබේ.

යුක්රේන ජනතාව මත, රුසියානු ජනාධිපති පුටින් විසින් පතුරුවා ඇති භීෂණයට එරෙහිව මුළු ලෝකයම එක් විය යුතු බව බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

එමෙන්ම, රුසියානු හමුදා කළු මුහුද අවහිරකරගෙන සිටීම පිළිබදවත්, ඒ හරහා ලෝක ආහාර අර්බුදය උග්‍රවී ඇති ආකාරය පිළිබදවත් බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කර තිබේ.

බි්‍රතාන්‍ය ඇතුළු ලෝකයේ රටවල් රැසක් මේ වන විටත් රුසියාවට එරෙහිව සම්බාධක පනවා ඇති අතර,ලංකාව රුසියාවෙන් බොරතෙල් නැවක් ආනයනය කර තිබෙන බව පසුගියදා වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 2 =