පුටින්; රුසියානු හමුදා විසින් අත්පත් කරගන්නා ලද යුක්රේනයේ මරියුපෝල් නගරයට පැමිණෙයි…!

0
262

පුටින්; රුසියානු හමුදා විසින්
අත්පත් කරගන්නා ලද
යුක්රේනයේ මරියුපෝල් නගරයට පැමිණෙයි…!

රුසියානු ජනාධිපත් ව්ලැදිමීයර් පුටින්, රුසියානු හමුදා විසින් අත්පත් කරගන්නා ලද යුක්රේනයේ මරියුපෝල් නගරයේ සංචාරයක නිරතව ඇති බව වාර්තා වේ.

රුසියානු හමුදා විසින් අත්පත්කරගන්නා ලද යුක්රේන නගරයකට රුසියානු ජනාධිපතිවරයා පැමිණි පළමු අවස්ථාව මෙයයි.

ජනාධිපතිවරයා මරියුපෝල් නගරයේ මෝටර් රථයක් පදවාගෙන යන දර්ශන විදෙස් මාධ්‍ය වෙත මුදා හැර තිබේ. නමුත් අදාල දර්ශන පටිගත කරන ලද්දේ කවදාද යන්න නිශ්චිත නැත.

වීඩියෝ දර්ශනයේ ජනාධිපති පුටින් සමග රුසියානු අග්‍රාමාත්‍යවරයා ද සිටින අතර ජනාධිපතිවරයා මරියුපෝල් නගරය යළි ගොඩ නගන ආකාරය පිළිබදව පැහැදිලි කිරීමක් කරමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − eighteen =