පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත
වැඩි ඡන්දයෙන් සම්මතයි.
අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද පුනරුත්ථාපන පනත් කෙටුම්පත අද දිනයේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 23 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 06ක් පමණි.
පුනරුත්ථාපන පනත් කෙටුම්පත මගින් අරගලකරුවන් පුනරුත්ථාපනය කිරීමට රජය කැසකවන බවට විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කර තිබුනද පනතේ අරමුණ මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට යොමු කිරීම පමණක් බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසී ය.