‘පුනරුත්ථාපන පනත් කෙටුම්පත වහා හකුලා ගනු..!’ හියුමන් රයිට් වොච්.

0
302

‘පුනරුත්ථාපන පනත් කෙටුම්පත
වහා හකුලා ගනු..!’
හියුමන් රයිට් වොච්.


පුනරුත්ථාපන පනත් කෙටුම්පත වහා හකුළා ගන්නා ලෙස හියුමන් රයිට් වොච් සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.

හමුදාව විසින් පාලනය කරනු ලබන පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුළ දීර්ඝ කාලයක් පුද්ගලයන් රදවා තබා ගැනීමේ අවසරය මෙම පුනරුත්ථාපන පනත් කෙටුම්පත මගින් හිමිවන බවත් ඉන් පුද්ගලයන්ගේ මානව අයිතිවාසිකම් බිහිසුණු ලෙස උල්ලංඝණය වීමේ අවදානමක් ඇති බව හියුමන් රයිට් වොච් පවසයි.

රජය මෙම පුනරුත්ථාපන පනත් කෙටුම්පත ගෙන එන ලැබුවේ අරගලයට සම්බන්ධ තරුණ ප්‍රජාව කොටුකර ගැනීමේ අරමුණෙන් යැයි මේ වනවිටත් රට තු-ළ මතයක් ගොඩ නැගී තිබේ.

මෙම අවධානම හියුමන් රයිට් වොච් සංවිධානය විසින් ද අවධාරණය කර තිබේ.

ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත චෝදනා ගොනු කිරීමකින් තොරව පුද්ගලයන් අත් අඩංගුවේ රදවා තබා ගැනීමේ අරමුණ ඇතිව ගෙන එනු ලබන්නක් බව හියුමන් රයිට් වොච් චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × three =