පුනරුත්ථාපන පනතින් අරගලකරුවන් කොටුකර ගැනීමේ සූදානමක්…! පනත මේ 18 වන දා විවාදයට.

0
102

පුනරුත්ථාපන පනතින්
අරගලකරුවන් කොටුකර ගැනීමේ
සූදානමක්…!
පනත මේ 18 වන දා විවාදයට.

පුනරුත්ථාපන පනතට අරගලකරුවන් පුනරුත්ථාපනය සදහා අවශ්‍ය විධිවිධාන ඇත-ුළත් කිරීමේ සූදානමක් ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

අවසන් පාර්ලිමේන්තු සැසියේ දී විපක්ෂනායක වරයා මේ අනතුර පිළිබදව සිය අවධානය යොමු කළ මොහොතේ අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ එවැනි අරමුණක් රජයට නැති බවයි.

වැඩි දුරටත් අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ පුනරුත්ථාපන පනත මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සදහා පමණක් යොදා ගන්නා බවයි.

ඒ නමුත් අදාල පනතට අරගලකරුවන් පුනරුත්ථාපනය කිරීමට අදාල වගන්ති ඇතුළත් කිරීමේ සූදානමක් ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය පවසයි.

පුනරුත්ථාපන පනත පිළිබදව විවාදය එළැමෙන 18 වනදා පෙරවරු 10.30ට ආරම්භ වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − seven =