පුනරුත්ථාපන පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය; සටන්කාමීන් සහ ප්‍රචණ්ඩකාරීන් යන වචන ඉවත් කළ යුතුයි. මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට පමණක් අදාල කර ගත යුතුයි..!

0
538

පුනරුත්ථාපන පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය;
සටන්කාමීන් සහ ප්‍රචණ්ඩකාරීන් යන වචන ඉවත් කළ යුතුයි.
මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට
පමණක් අදාල කර ගත යුතුයි..!

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද දිනයේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබී ය.

ඒ අනුව අදාල පනත තුළ සදහන්වන සටන්කාමීන් සහ ප්‍රචණ්ඩකාරීන් යන වචන ඉවත් කළ යුතු බවටත් පනත මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහු වූවන් පුනරුත්ථාපනයට පමණක් යොදා ගත යුතු බවටත් ශේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

එමෙන්ම පනතේ ඇති ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එම වගන්ති සම්මත කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර අනුමැතිය අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − 13 =