පුරපති සටන වෙනුවෙන්
මුජිබුර් සිය මන්ත්‍රීධූරය අත්හරියි.
කොළඹ පුරපති ධූරය සදහා තරග වැදීමට තමන් සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ ය.
මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා 2015 වසරේ සිට ඔහුගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළ අද දිනය දක්වා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේ ය.