‘පෙට්‍රල් හදන්නේත්
ඩීසල් හදන්නේත්
එකම බොරතෙල්වලින්නං
ඩීසල් මිල අඩු නොකරන්නේ ඇයි…?’
ජනක රත්නායක සහ ආනන්ද පාලිත
ඇමති කාන්චනගෙන් අසති.
ඉන්ධන මිල සූත්‍රය අනුව යමින් පෙට්‍රල් මිල පහළ දැමීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාව පසුගියදා තීන්දුකර තිබුණි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40කින් ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 30 කින්ද පහත දමා තිබේ.
කෙසේ වෙතත් අනෙකුත් ඉන්ධන මිල ගණන් පහත නොදමා පෙට්‍රල් මිල පමණක් පහත දැමීම පිළිබදව පාර්ශ්ව රැසක් ප්‍රශ්න කරයි.
පෙට්‍රල් මෙන්ම ඩීසල් ද නිපදවනු ලබන්නේ එකම බොරතෙල් වලිනි. එසේ තිබියදී ලෝක වෙළද පොලේ බොරතෙල් මිල පහත වැටීම සැලකිල්ලට ගනිමින් ඩීසල් මිල පහත නොදැමීම ගැටළුවක් බව මහජන උපයෝගීත කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
විෂය භාර අමාත්‍යවරයා නිකුත් කර තිබෙන ට්වීටර් පණිවිඩ විශ්ලේෂණය කිරීමේ දී ඔක්ටේන් 92 පෙට්‍රල් සදහා ඔක්ටේන් 95 ප්‍රෙටල් සදහා ගෙවන මිලට වඩා වැඩි මිලක් ගෙවන බව පෙනී යන්නේ යැයි ජනක රත්නායක මහතා කියයි.
තත්ත්වය එසේනම් ඔක්ටේන් 95 පෙට්‍රල් නොගෙන්වා ඔක්ටේන් 92 පෙට්‍රල් ගෙන්වන්නේ කවර හේතුවක් නිසාදයි ඔහු ප්‍රශ්න කරයි.
ජනක රත්නායක මහතා පවසන්නේ මිල සූත්‍රය සම්පූර්ණයෙන්ම බොරුවක් බවයි.
එහි එන ගණනය කිරීම් නිවැරදි නොවන බවද ඔහු පවසයි.
ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නායකයෙකු වන ආනන්ද පාලිත මහතා ද ඉන්ධන මිල ගණන් පහත හෙළීම ප්‍රශ්න කරයි.
ඔහු පවසන ආකාරය ඉන්ධන මිල සූත්‍රය නිවැරදිව ක්‍රියාත්මක කළා නම් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 107 කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100 කින් පහත හෙළිය හැකි ය.
එතකොට කොහොමද ආණ්ඩුවෙ ඩීසල් වාහන වලට නොමිලෙ තෙල් ගහන එක cover කරන්නෙ? 😏