පෙබරවාරියේ දී මාළිමාව සැලකියයුතු ලෙස පෙරට එයි..!

0
1750

පෙබරවාරියේ දී
මාළිමාව සැලකියයුතු ලෙස
පෙරට එයි..!


මේ මොහොතේ මහමැතිවරණයක් පැවැත්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙනු ලබන ජාතික ජන බලවේගය විශාල ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් තරගකාරී සමගි ජනබලවේගය අභිබවා ඉදියට පැමිණෙන බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

සමීක්ෂණය සිදුකර තිබෙන්නේ Institute for Health Policy (IHP) නම් ආයතනයයි.

අදාල ආයතනය මීට පෙරද මේ සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකර තිබුණු අතර එහිදී ද ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටි නමුත් සමගි ජන බලවේගයට වඩා ඔවුන් ලබා සිටියේ 1% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

නමුත් මෙවර සමීක්ෂණයෙන් හෙළි වී ඇති ආකාරයට මේ මොහොතේ මහ මැතිවරණයක් පවත්වන්නේ නම් 43% ක ඡන්ද ප්‍රතිශතයක් ජාතික ජන බලවේගය විසින් ලබා ගන්නා අතර සමගි ජන බලවේගය ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතය 30% කි.

පොහොට්ටු පක්ෂයට 4% ක ඡන්ද ප්‍රතිශතයක් හිමි වේ.

ද්‍රවිඩ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂයද ලබා ගනු ඇත්තේ 4% ක ඡන්ද ප්‍රතිශතකයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතය 2 %කි.

මෙම සමීක්ෂණය අදාල වන්නේ 2023 වසරේ පෙබරවාරි මාසයට අදාලවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 + 5 =