‘පෙබරවාරි 17 දක්වා විදුලිය විසන්ධි කිරීමට අවසර නෑ..! ඒ අතර කාලයේ විදුලිය විසන්ධි කරන්නේ නම් ලිඛිතව පැමිණිලි කරන්න.’ ජනක රත්නායක.

0
41

‘පෙබරවාරි 17 දක්වා විදුලිය විසන්ධි කිරීමට
අවසර නෑ..!
ඒ අතර කාලයේ විදුලිය විසන්ධි කරන්නේ නම්
ලිඛිතව පැමිණිලි කරන්න.’
ජනක රත්නායක.

උසස් පෙළ විභාගය අවසන් වන පෙබරවාරි 17 වන දා දක්වා විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට කිසිදු අවසරයක් ලබා දී නැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අතර කාලයේ යම් ආකාරයක විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නම් ඒ පිළිබදව මහජන උපයෝගීතා කොමිසමට ලිඛිතව පැමිණිලි කරන ලෙස ද ඒ මහතා දැනුම් දෙයි.

පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා පහත දැක්වෙන දුරකථන සහ ෆැක්ස් අංක මහජන උපයෝගීතා කොමිසම ජනතාව වෙනුවෙන් ලබා දී තිබේ.

e mail : [email protected] ෆැක්ස් අංකය : 0112392641 WhatsApp අංකය : 0775687387

විදුලිය විසන්ධි නොකරන ලෙස දැනුම් දී තිබුනද ඊයේ දිනයේ දී දෛනික විදුලි කප්පාදුව ක්‍රියාත්මක විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 + five =