පෙරේදා ලැබුණු ඩොලර් මිලියන 333 න්
ඊයේ ඉන්දියාවට ගෙවිය යුතු
ඩොලර් මිලියන 121 ක ණය වාරිකයක් පියවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ලැබුණු පළමු ණය වාරිකය වන ඩොලර් මිලියන 333 ක මුදලින් ඩොලර් මිලියන 121 ක්, ඉන්දියාවෙන් ලබාගෙන තිබෙන ණය පහසුකමක වාරික පියවීම සදහා යොදාගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සදහා ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් අනුමත කළ අතර එහි පළමු වාරිකාය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 333 ක් පෙරේදා දිනයේ දී ලබා දී තිබුණි.