‘පොත් දහදාහක් තිබුනු මගේ පුස්තකාලය සම්පූර්ණයෙන් ම ගිනිබත් වුණා…!’ සනත් නිශාන්ත.

0
1048

‘පොත් දහදාහක් තිබුනු
මගේ පුස්තකාලය
සම්පූර්ණයෙන් ම ගිනිබත් වුණා…!’
සනත් නිශාන්ත.


පසුගියදා අවසන් වූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සම්බන්ධයෙන් අපූරු වාර්තාවක් සති අග අරුණ පුවත්පත පළ කර තිබේ.

පොත් ප්‍රදර්ශනයට පැමිණ ගිය අප හොදින් දන්නා දේශපාලන චරිත පළකර තිබෙන අදහස් ඇසුරෙන් මෙම වාර්තාව සකසා තිබෙන අතර පහත දැක්වෙන්නේ එහි පැමිණි සනත් නිශාන්ත අමාත්‍යවරයා පළකර තිබෙන අදහස් ය.

ඔහු සත-ුව පොත් දස දහසක් පමණ තිබුණු දැවැන්ත පුස්තකාලයක් තිබී ඇති අතර මැයි නම වන දා ඇවිලුණු ගින්නෙන් එම පුස්තකාලය සම්පූර්ණයෙන් දැවී අළුබත් වී ඇතැයි අමාත්‍යවරයා කියයි.

‘‘මම පවුලේ සියලු දෙනා එක්කම පොත් ප්‍රදර්ශනයට යනවා. ගියාම පැය හයක් හතක් කොහොමත් පොත් අතර තමයි ගත කරන්නේ.

අරගලයත් එක්ක මේ ගමන ගියාම මිනිස්සු මා දිහා බැලුවෙ අමතු සතෙක් දිහා බලන්න වගේ.

බොහෝ විට මම ලෝකයේ තිබෙන දේශපාලන චරිත කතා තමයි තෝරා ගන්නේ. මගේ දරුවෝ
හතර දෙනාට වෙනම පොත් අරන් දුන්නා. බිරිඳට වෙනම අරන් දුන්නා. මට ඕනෙ ටිකත් ගත්තා. එයට
අමතරව තෑගි දෙන්න පොත් ගත්තා. යන එන හැම තැනම අතේ පොතක් අරගෙන නොගියත්
විවේකයක් තියෙන වෙලාවට කියවනවා. වැඩිපුරම කියවන්නේ පාන්දරට. මමයි බිරිඳයි ජීවිත කාලෙම
එකතු කළ 10000කට වැඩිය පොත් තියෙන ලොකු පුස්තකාලයක් තිබුණා. ඒක පහුගිය කාලේ
සම්පූර්ණයෙන්ම අළු වෙලා ඉවරයි. දැන් මා ළඟ තියෙන්නේ මේ ගමන ප්‍රදර්ශනයෙන් ගත්ත පොත්
විතරයි.’’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 2 =