පොල්ගෙඩි විස්සක් හොරකම් කළ
එක්දරු පියෙකුට
වසර දහයකට අත් හිට වූ
වසරක සිරදඩුවමක්…!
රුපියල් එක්දහස් දෙසීයක පමණ වටිනාකමින් යුතු පොල් ගෙඩි විස්සක් සොරකම් කිරීමේ චෝදනාවට වරදකරු වූ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි එක් දරු පියෙකුට, වසරක සිරදඩුවමක් නියමකිරීමට දිවුලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
එම සිරදඩුවම වසර දහයකට අත්හිටුවා ඇති මහේස්ත්‍රාත්වරිය, අදාල කාලය තුළ යහපත් කල්ක්‍රියාවෙන් යුතුව ජීවත් වන ලෙස ඔහුට උපදෙස් දී තිබේ.
හොරකම සිදුකර ඇත්තේ 2021 වසරේ ජනවාරි මාසයේ දී ය.