පොලිස්පතිවරයෙක් නැති
දෙවන දවසත් උදා වෙයි..!
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබා දුන් දෙවන සේවා දිගුව, ඔක්තෝබර් නම වන දා යින් අවසන් වන අතර, මේ දක්වා පොලිස් දෙපාර්තමේන්තුව සදහා නව පොලිස්පතිවරයෙකු පත් කර නැත.
ඒ අනුව, මේ උදා වෙන්නේ, පොලිස්පතිවරයෙකු නොමැති දෙවන දිනයයි.
මෙයට පෙර, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබා දී තිබුණු පළමු සේවා දිගුව අවසන් වීමෙන් පසුවද මෙවැනිම තත්ත්වයක් උදා විය.
ඔහුගේ පළමු සේවා දිගුව ජූනි මාසයේ 26 වන දා යින් අවසන් වූ අතර, දෙවන සේවා දිගුව ඔහුට ලබා දී තිබුණේ ජූලි මාසයේ 09 වන දා ය. ජූනි විසි හයේ සිට ජූලි නම වන දා දක්වා කාලය තුළ රටට පොලිස්පතිවරයෙක් සිටියේ නැත.
පොලිස්පති ධූරය සදහා ජනාධිපතිවරයා විසින් සුදුසු පුද්ගලයෙකුගේ නමක් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ යුතුව තිබුනත්, මේ දක්වා කිසිවෙකුගේ නමක් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර නැත.