‘පොලිස්පති පත් කිරීමේ දී
විනිවිදභාවයෙන් යුතුව කටයුතු තරන්න…!’
නීතීඥ සංගමය ජනාධිපතිට අවධාරණය කරයි.
පොලිස්පතිවරයා පත් කිරීමේ දී විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
මූලික අයිතිවාසිකම් නඩු හෝ අපරාධ නඩු හෝ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති කිසිවකු පොලිස්පති ධූරය සදහා පත් නොකරන ලෙස නීතීඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
අපරාධ සම්බන්ධයෙන් සැකකරුවෙකු බවට පත්වීම හෝ නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් හෝ වධබන්ධනයන්ට ලක්කිරීම වැනි චෝදනා එල්ල වී තිබෙන පොලිස් නිළධාරීන්ට උසස් වීම් ලබා නොදීමේ සම්ප්‍රදායක් පොලිසිය තුළ පවතින බවත්, පොලිස්පතිවරයා පත් කිරීමේ දී ද එම කරුණු පිළිබදව සැලකිල්ලට ගත යුතු බවත් නීතීඥ සංගමය පවසයි.
දශක කිහිපයක සිට පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය බිද වැටෙමින් පවතින බව පවසන ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනතාව ත-ුළ පොලිසිය කෙරෙහි විශ්වාසය ඇතිවන අයුරින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබදව ද අවධාරණය කරයි.