පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ ඉල්ලා අස්වීම
ජනපති භාර ගනී.
අළුත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්…!
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවත්, ජනාධිපති එම ඉල්ලා අස්වීම භාරගෙන ඇති බවත් වාර්තා වේ.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගේ දූර කාලය මාර්තු මාසයේ 25 වනදායින් අවසන් වීමට නියමිත ය. වත්මන් පොලිස්පතිවරයාගෙන් පුරප්පාඩුවන පොලිස්පති දූරය සදහා බස්නාහිර පලාත බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කරනු ඇති බවට විශ්වාස කරයි.
මීට පෙර ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ පොලිස්පති දූරය සදහා දේශබන්දු තෙන්නකෝන් පත් නොකරනු ඇති බවත් වත්මන් පොලිස්පතිවරයාවන සී.ඩී. වික්‍රමරත්නට සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවත් ය.
කෙසේ වෙතත්, මාර්තු විසිපන්වනදා විශ්‍රාම යාමට නියමිත සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා භාරගෙන තිබේ. ඒ අනුව, නිසැක වශයෙන්ම අළුත් පොලිස්පතිවරයෙකු පත් වීමට නියමිතය. පාර්ශ්ව රැසක් විරෝධය දක්වා තිබුනද ඒ නිසැක වශයෙන්ම බස්නාහිර පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වීමට ඉඩ තිබෙන බව පැවසේ.