පොලිස් කණ්ඩායම් දෙකක්
අද උදෑසන පෙරටුගාමීන්ගේ
පක්ෂ කාර්යාලයට කඩා වදිති.
අද උදෑසන 7.30 ට පමණ පොලිස් කණ්ඩායමක්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුගේගොඩ පිහිටි කාර්යාලය වෙත කඩා පැන ඇති බව වාර්තා වේ.
ඔවුන් කුමන පොලිස් ස්ථානයට අයත් පිරිසක්ද යන්න පවා හෙළි නොකර, පක්ෂ කාර්යාලය පරීක්ෂාවට ලක් කළ බව එම පක්ෂයේ මුල් පෙලේ නායකයෙකු වන දුමින්ද නාගමුව පවසයි.
එම පොලිස් පිරිස නික්ම ගොස් මිනිත්තු කිහිපයකට පසුව තවත් පොලිස් කණ්ඩායමක් පක්ෂ කාර්යාලයට පැමිණ ඇත.
ඔවුන් අත, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ට එරෙහිව ලබා ගත් සර්ච් වොරන්ටියක් තිබුණු බවද දුමින්ද නාගමුව පවසයි.
ආණ්ඩුව මේ හදන්නේ අරගලයට සම්බන්ධ වූ පිරිස් ඉලක්ක කර ගනිමින් මානසික මෙහෙයුමක් දියත් කිරීමට බව ඔහු චෝදනා කරයි.