පොලිස් නිළධාරියාගේ
ඒ ලැජ්ජාසහගත හැසිරීම
එක්සත් ජාතීන්ගේ අවධානයට.
ඉහළ පොලිස් නිළධාරියෙකු විසින් නිළයෙන් පහළ යැයි සැලකිය හැකි කාන්තා පොලිස් නිළධාරිනියන් කිහිප දෙනෙකුට අමානුෂික ආකාරයට සලකන වීඩියෝවක් සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය විය.
එම වීඩියෝවේ සිටින ඉහළ පොලිස් නිළධාරියා පිළිබදව ප්‍රබල විරෝධයක් ජන සමාජයෙන් එල්ල වී තිබුණු අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට සම්බන්ධීකරණ නිළධාරිනී හනා සිංගර් මහත්මිය ද ඒ පිළිබදව විශේෂ ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
ඇය පවසන්නේ සමාජ මැදිහත් වීම් වල දී කාන්තාවන් වෙනස් කොට සැලකීමටත් ඔවුන්ට එරෙහිව පුද්ගලකි ප්‍රහාරයෙන් එල්ල වීමත් දක්නට ලැබෙන බවයි. එම කාන්තාවන් රාජකාරීකටයුතුවල නිරත වීමේ දී ඔවුන්ට ගෞරවණීය ලෙස සැලකිය යුතු අතර ඔවුන්ගේ උත්සාහයන් හදුනාගෙන ඔවුන් අගය කළ යුතුව ඇති බවද ඇය අවධාරණය කරයි.
