‘පොලිස් නිළධාරී මහත්වරුනි
මේ අනීතික ක්‍රියා සම්බන්ධයෙන්
නිසැකයෙන්ම ඔබට වන්දිගෙවීමට සිදුවනු ඇත.’
නීතීඥ සංගමයේ සභාපති.
ඊයේ ගාළුමුවදොර පැවති සාමකාමී මහජන විරෝධතාවය විසුරුවා හැරීම සදහා පොලිසිය මැදිහත් වූ ආකාරය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා දැඩිව විවේචනය කර තිබේ.
මෙතරම් බරපතල ආකාරයකට මානව හිමිකම් උල්ලං්ඝණය වීම් සිදු වනවානම් මෙරට මානවහිමිකම් තත්ත්වය පිළිබදව ලෝකයා ප්‍රශ්න කිරීම පුදුමයක් නොවන බව ඔහු පවසයි.
නීතිවිරෝධී නියෝගමත ක්‍රියාකරන පොලිස් නිළධාරීන්ට නිසැක වශයෙන්ම යම් දිනෙක ඔවුන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් උත්තර බැදීමට සිදුවනු ඇතැයි ඔහු අනතුරු අගවයි.
තමන්ගේ ප්‍රධානීන් තෘප්තිමත් කිරීම සදහා නීති විරෝධී අන පිළිපදින පොලිස් නිළධාරීන්ට ඔවුන්ගේ වැරදි ක්‍රියා සම්බන්ධයෙන් වන්දි ගෙවීමට සිදු වූ අවස්ථා ඕනෑ තරම් තමන් දැක ඇති බව පවසන නීතීඥ සංගමයේ සභාපතිවරයා ඔවුන් ඊට වන්දි ගෙවන අවස්ථාවලදී ඔවුන්ට එම අනීතික උපදෙස් ලබා දුන් කිසිවෙකු ඔවුන් ළග නොසිටින බවද පවසයි.
ඉහළ නිළධාරීන්ගේ අනීතික අණ පිලිපදින ඇතැම් නිළධාරීන්ට ඔවුන්ගේ උසස් වීම අහිමි වෙයි. ඇතැම් අය අපරාධ නඩුවලට වරදකරුවන් වී සිරගත වෙයි.
යුක්තියේ දැති රෝද සෙමෙන් නමුත් ස්ථිර වශයෙන්ම කැරකෙන බව මතක තබා ගත යුතු යැයි ද ඔහු අනීතික නියෝග පිළිපදින සියළුම පොලිස් නිළධාරීන්ට සිහිපත් කරයි.