පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි.
ගාළුමුවදොර විරෝධතාවය දැන් පැවැත්වේ.
අද පස්වරුවේ ගාළුමුවදොර භූමියේ පැවැත්වීමට නියමිත විරෝධතාවය වළක්වන ලෙස පොලිසිය කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉවත දමා තිබේ.
ඒ අනුව අදාල විරෝධතාවය මේ වන විට පැවැත්වෙන බව වාර්තා වේ.
නීතීඥයන් සහ වෘත්තීයවේදීන් එක්ව මෙම විරෝධතාවය පවත්වනු ලබයි.
ඊයේ ගාළුමුවදොර පැවති විරෝධතාවය විසුරුවා හැරීම සදහා පොලිසි සීමාව ඉක්මවා බලය පාවිච්චි කර තිබුණු අතර ඊට එරෙහිව අද මෙම විරෝධය පැවැත්වෙයි.