පොහොට්ටු ආධාරකරුවෝ බේරේ වැවට තල්ලු කලේ කවුද…? පොලිසිය විමර්ෂණ අරඹයි.

0
321

පොහොට්ටු ආධාරකරුවෝ
බේරේ වැවට තල්ලු කලේ කවුද…?
පොලිසිය විමර්ෂණ අරඹයි.


පසුගිය මැයි නම වන දා අරලිය ගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වූ මැර කණ්ඩායම් විසින් ගාළු මුවදොර ගෝඨා ගෝ ගමට පහර දීමේ සිදුවීමෙන් පසුව ඉන් කෝපයට පත් ජනතාව අරලිය ගහ මන්දිරයට පැමිණ ආපහු යමින් සිටි පොහොට්ටු පක්ෂයට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ ආධාරකරුවන් බේරේ වැවට තල්ලු කර තිබුණු අතර මේ වන විට එසේ පොහොට්ටු පක්ෂ ආධාරකරුවන් බේරේ වැවට තල්ලු කරන ලද පුද්ගලයන් සොයා පොලිසිය විමර්ෂණ අරඹා ඇති බව වාර්තා වේ.

පොහොට්ටු පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බේරේ වැවට තල්ලු කරන ලද පුද්ගලයෙකු මෑතකදී වෑකන්ද ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරු අදාල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා බේරේ වැවට තල්ලු කිරීමට පෙර ඔහුගේ මුදල් පසුබිම්බිය සොරාගෙන ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.

මැයි නමවනදා ඇති වූ මහජන නැගිටීම මධ්‍යයේ පොහොට්ටු පක්ෂ ආධාර කරුවන් සහ ප්‍රාදේශිය දේශපාලනඥයන් ඇතුළු පිරිස් බේරේ වැවට තල්ලු කළ පිරිස් සොයා පොලිසිය අඛණ්ඩ විමර්ෂණ අරඹා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + 19 =