පොහොට්ටු-එජාප සන්ධානයකට සාකච්ඡා.

0
304

පොහොට්ටු-එජාප
සන්ධානයකට සාකච්ඡා.


ඉදිරි මැතිවරණ සදහා එක්ව තරඟ වැදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කිරීමට පොහොට්ටු පක්ෂය සූදානම්වන බව මාධ්‍ය වාර්තා කරයි.

අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ – ඩග්ලස් දේවානන්දගේ නායකත්වයෙන් යුතු ඊපීඩීපී සන්විධානය සහ පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුතු ටී.එම්.වී.පී පක්ෂය දැනටමත් ඉදිරි මැතිවරණ සදහා පොහොට්ටු පක්ෂය හා සන්ධානගත වී තරග වැදීමට සූදානමින් සිටිති.

ඊට අදාල මූලික සාකච්ඡාවක් පසුගිය සෙනසුරාදා දිනයේ දී පොහොට්ටු පක්ෂ කාර්යාලයේ දී පැවැත් විණි.
එම සාකච්ඡා අවසන් වීමෙන් පසුව මාධ්‍ය හමුවේ පෙනී සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා සිටියේ ඉදිරි මැතිවරණ සදහා කෙසේ තරග වදින්නේ ද යන්න පිළිබදව ජනාධිපතිවරයා සමග ද සාකච්ඡා කිරීමට නියමිත බවයි.

අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන ආකාරයට ඉදිරි මැතිවරණ සදහා එක්ව තරග කිරීමට පොහොට්ටු පක්ෂය මේ වන විටත් නිල නොවන මට්ටමෙන් එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කර තිබේ.

පළාත් පාලන මැතිවරණය සදහා දින නියම කිරීම මේ මස අවසන් වීමට පෙර සිදු කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × one =