පොහොට්ටු පක්ෂයේ
අපකීර්තිමත් රාජ්‍ය ඇමතිවරයා
බීමතින් අහසට වෙඩි තබයි.
බලහත්කාරයෙන් බන්ධනාගාරයකට ඇතුළුවීමේ සිදුවීම ඇතුළුව අපකීර්තිමත් සිද්ධීන් කිහිපයකට ම සම්බන්ධ බව පැවසෙන පොහොට්ටු පක්ෂ රාජ්‍ය අමාත්‍යවරයෙකු, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිට, සිය පෞද්ගලික පිස්තෝලයෙන් අහසට වෙඩි තබා ඇති බව වාර්තා වේ.
බීමතින් සිය නිල නිවසේ බැල්කනියට පැමිණ තිබෙන රාජ්‍ය අමාත්‍යවරයා, තුන්වතාවක් අහසට වෙඩි තබා තිබේ.
රාජ්‍ය අමාත්‍යවරයාගේ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අරඹා ඇති බවක් මෙතෙක් වාර්තා නොවේ.