පොහොට්ටු පක්ෂ පා.ම.
මිලාන් ජයතිලකට එරෙහි
අල්ලස් නඩුව
නොවැම්බර් 11 සිට විභාගයට..!
කළුගල් කැඩීමේ බලපත්‍රයක් ලබා දීම සදහා රුපියල් ලක්ෂ හයක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධව, පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක සහ දොම්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන අජිත් සිසිර කුමාර යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව, කොළඹ මහාධිකරණය හමුවේ නොවැම්බර් එකොළොස්වන දා සිට විභාගයට ගැනීමට නියමිත ය.
පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිකල, මෙම අල්ලස ලබා ගැනීම සදහා සම්බන්ධ වී තිබුණේ, ඔහු දොම්පේ ප්‍රාදේශීය සභාවේ, පොහොට්ටු පක්ෂ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී ය.
ගල් කැඩීමේ බලපත්‍රය ලබා දීම සදහා ලක්ෂ හතක අල්ලසක් මිලාන් ජයතික විසින් ඉල්ලා තිබුණු අතර, ඉන් ලක්ෂ හයක මුදලක් ඔහු විසින් ලබාගෙන තිබුණි.