“පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට
ඉඩ දෙන්නේ නෑ..!”
-අන්තරේ.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට කිසිසේත් ඉඩ නොදෙන බව, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු මධුශාන් චන්ද්‍රජිත් පවසයි.
වෛද්‍යවරු රට හැර යාම හේතුවක් කර ගනිමින්, රජය පෞද්ගලික වෛද්‍ය පීඨ බිහි කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටින බව පවසන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, දැනට පවතින වෛද්‍ය පීඨ සදහා අවශ්‍ය පහසුකම් ලබා දීම රජය සම්පූර්ණයෙන්ම අත්හැර දමා ඇති බවටද චෝදනා කරයි.
දැනට රට තුළ වෛද්‍ය පීඨ 11 ක් ඇති බව පවසන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැදවුම්කරු මධුශාන් චන්ද්‍රජිත්, එම වෛද්‍ය පීඨ 11 න් වෛද්‍ය පීඨ 2 ක මහාචාර්ය ඒකක නැති බව පවසයි. ඊට අමතරව, වෛද්‍යපීඨවල උග්‍ර ආචාර්යවරුන්ගේ හිගයක් පවතින බවට ද ඔහු චෝදනා කරයි.