බංකොළොත් වෙන්න කලින්ම පකිස්ථාන අගමැතිවරයා ඇමතිවරුන්ගේ පටිතද කරයි…!

0
353

බංකොළොත් වෙන්න කලින්ම
පකිස්ථාන අගමැතිවරයා
ඇමතිවරුන්ගේ පටිතද කරයි…!

ඇමතිවරුන්ට සහ උපදේශකයන්ට
වැටුප් නෑ..! දී තිබෙන සියළු සුඛෝපභෝගී මෝටර් රථ
වෙන්දේසයට දමයි.
තේ වෙලාවනං තේ එකයි බිස්කට් එකයි පමණයි.

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තාන රජය, ආර්ථිකය ස්ථාවර කර ගැනීම සදහා මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක ණය පහසුකමක් ඉල්ලා තිබේ.

අදාල ණය මුදල ලබා දීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙන කොන්දේසි සියල්ලක්ම පාහේ මේ වන විටත් පාකිස්තාන රජය ක්‍රියාත්මක කර අවසන් ය.

එහි ප්‍රතිඵලයක් ලෙස පාකිස්තාන රුපියලේ අගය හතරෙන් එකක් දක්වා පහත වැටී ඇති බව පැවසේ. එමෙන්ම ඉන්ධන මිල මේ වන විටත් පස් ගුණයකින් ඉහළ ගොස් තිබේ.

සුඛෝපභෝගී භාණ්ඩ මත අධික බදු පනවා ඇති අතර පොලී අනුපාතයද ඉහළ දමා ඇති බව පැවසේ.

ඊට අමතරව, වියදම් කපා දැමීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙළ යටතේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාෂ් ෂරීෆ් කැබිනට් අමාත්‍යවරුන්ගේ පටි තද කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, මධ්‍යම රජයේ ඇමතිවරු සහ උපදේශකයන් වැටුප් රහිතව වැඩ කළ යුතු බවට අග්‍රාමාත්‍යවරයා නිර්දේශ කර තිබේ.

එමෙන්ම 2024 වසරේ ජූනි මාසය දක්වා කිසිදු සුඛෝපභෝගී වාහනයක් මිලදී ගැනීම තහනම් ය.

එමෙන්ම අමාත්‍යවරු භාවිතා කරන සෑම සුඛෝපභෝගී වාහනයක් ම වෙන්දේසි කළ යුතුය.

අමාත්‍යවරු විදේශ සංචාර සදහා හෝ රට තුළ සිදුකරන අභ්‍යන්තර ගුවන් ගමන් වල දී තුන්වන පන්තියේ ගමන් කළ යුතුය.

සහාය කාර්ය මණ්ඩල රාජ්‍ය සංචාර සදහා ගෙනයාම තහනම් ය.

අමාත්‍යවරු විදේශ සංචාර සදහා සහභාගීවන අවස්ථාවල දී තරු පහේ හෝටල්වල නතර වීම තහනම් ය.

ඉන්ධන වියදම් පිරිමසා ගැනීම සදහා සියළු සාකච්ඡා දුරකථනය ඔස්සේ කර ගැනීම ප්‍රවර්ධනය කරයි.

ගෑස් සහ විදුලිය පිරිමසා ගැනීම සදහා ගිම්හාන සෘතුවේ දී උදෑසන 7.30 ට කාර්යාල විවෘත වේ.

රජයේ උත්සව වල දී එක කෙටි කෑමක් පමණක් ලබා දිය යුතුය. තේ වේලාව නම් තේ එකක් සහ බිස්කට් එකක් පමණක් ලබා දිය යුතුය.
ඩොලර් තුන්සියයකට වඩා වැඩි වටිනාකමකින් යුතු ත්‍යාග තමන් සන්තකයේ තබා ගැනීම රාජ්‍ය නිළධාරීන්ට තහනම් ය.

මෙම සියළු පියවර වහාම ක්‍රියාත්මක කළ යුතු බවට පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve + sixteen =