බංගලාදේශය අයි.එම්.එෆ් එකෙන්
ඩොලර් බිලියන 4.5ක ණයක් ඉල්ලයි.
ශ‍්‍රී ලංකාව වගේ ප‍්‍රමාද වෙමින් නොසිට
ඉක්මනින් ණයක් ඉල්ලීම හොදයි..!
බංගලාදේශ ආර්ථික විද්‍යාඥයන් කියයි.
රට තුළ පවතින මූල්‍ය අර්බුදයට එරෙහිව සටන් කිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක ණය මුදලක් ලබා ගැනීම සදහා බංග්ලාදේශය ඉල්ලූම් කර ඇති බව වාර්තා වේ.
මේ වන විට බංග්ලාදේශය සතු විදේශ සංචිත ශීග‍්‍රයෙන් පහත වැටෙමින් තිබෙන බව පැවසේ.
ණය පිළිබදව සාකච්ඡුා කිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් එළැඹෙන සැප්තැම්බරයේ දී බංග්ලාදේශයට පැමිණීමට නියමිත ය.
බංග්ලාදේශයේ සිටින කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු වන … ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට බංග්ලාදේශ රජය ගෙන තිබෙන තීරණය අගය කර තිබේ.
ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ප‍්‍රමාද වීම හේතුවෙන් විශාල පාඩුවක් කරගත් බවත්, බංග්ලාදේශය එම වැරැද්ද සිද්ධ වීමට ඉඩ නොහැරීම පැසසුම් කළ යුතු දෙයක් බවත් කීර්තිමත් ආර්ථික විද්‍යාඥයා පවසා තිබේ.