බංග්ලාදේශයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4.5 ක ණයක්.

0
273


බංග්ලාදේශයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්
ඩොලර් බිලියන 4.5 ක ණයක්.

බංග්ලාදේශයට ඩොලර් බිලියන 4.5 ක ණය ආධාර ලබා දීම සදහා වූ මාණ්ඩලික මට්ටමේ එකගතාවයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැමිණ තිබේ.

ඒ අනුව ජාත්‍යන්ත මූල්‍ය අරමුදලේ ණය ආධාර ලබා ගැනීම සදහා මාණ්ඩලික මට්ටමේ එකගතාවයකට පැමිණි තුන්වන දකුණු ආසියානු රට බවට බංග්ලාදේශය පත් වෙයි.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් දෙකයි.

බංග්ලාදේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ඉල්ලා සිටියේ ඔවුන් සතු විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 46.49 සිට ඇමරිකානු ඩොලර් 35.74 දක්වා පහත වැටුනු බැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × three =