බංග්ලාදේශයෙන් ගත්ත ඩොලර් මිලියන 200 ගෙවන්න තවත් මාස හයක් කල් ඉල්ලයි.

0
78

බංග්ලාදේශයෙන් ගත්ත
ඩොලර් මිලියන 200 ගෙවන්න
තවත් මාස හයක් කල් ඉල්ලයි.

2021 වසරේ ජූනි මාසයේ බංග්ලාදේශයෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක ණය මුදල ආපසු ගෙවීම සදහා තවත් මාස හයක කාලයක් ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති බවත් බංග්ලාදේශය ඊට කැමැත්ත පළ කර තිබෙන බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකා රජය අදාල ණය පහසුකම ලබාගෙන තිබුණේ මාස ත-ුනකින් ආපසු ගෙවීමේ පදනම මතයි.

මාස තුනකින් ණය ආපසු පියවීමට නොහැකි වීම හේතුවෙන් එය මාස හයක් දක්වා දීර්ඝ කෙරුණි.

කෙසේ වෙතත් පොරොන්දු වු එම කාල සීමාව ත-ුළ ද ණය ආපසු ගෙවීමේ හැකියාව ලංකාවට නොතිබුණි.

නැවත බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයා සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා අතර පැවති සාකච්ඡාවකට පසුව අදාල ණය මුදල 2023 මාර්තු මාසය වන විට ගෙවන ලෙස බංග්ලාදේශය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේ ය.

පොරොන්දු වූ පරිදි මාර්තු මාසයේ දී ද අදාල ණය මුදල ගෙවීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බැවින් ණය ආපසු ගෙවීමේ කාලය මාස හයක් දක්වා දීර්ඝ කර දෙන ලෙස ශ්‍රී ලංකා රජය යළිත් බංග්ලාදේශයෙන් ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 2 =