බංග්ලාදේශයෙන් ගත් ඩොලර් මිලියන 200 න්
ඩොලර් මිලියන 150 ක් ගෙවා අවසන්.
ශ්‍රී ලංකා මහ බැංකුව, 2021 වසරේ දී බංග්ලාදේශ මහ බැංකුවෙන් ලබාගෙන තිබුණු ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක ණය මුදලෙන්, තවත් ඩොලර් මිලියන සියයක මුදලක් ඊයේ දිනයේ දී පියවා ඇති බව වාර්තා වේ.
මීට පෙර, අගෝස්තු මාසයේ 17 වන දා ශ්‍රී ලංකා මහබැංකුව එම ණය මුදලෙන් ඩොලර් මිලියන පනහක වාරිකයක් ගෙවා දැමූ අතර, ඒ අනුව, මේ වනවිට ශ්‍රී ලංකා රජය, බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන දෙසීයක ණය මුදලෙන් ඩොලර් මිලියන 150 ක ප්‍රමාණයක් ගෙවා අවසන් කර තිබේ.