බංග්ලාදේශ කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු එම ධූරයෙන් ඉවත් වෙයි..!

0
2114

බංග්ලාදේශ කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු
එම ධූරයෙන් ඉවත් වෙයි..! හේතුව, මැතිව් දවාගත් ආකාරය සම්බන්ධයෙන් වූ
කණස්සල්ල නොවේ යැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසයි.


බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ඇලන් ඩොනල්ඩ්, එම ධූරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහුගේ කොන්තරාත්තු කාලය, නොවැම්බර් මස තිස් වන දායින් අවසන් වීමට නියමිත වුවද, බංග්ලාදේශ ක්‍රිකට් කවුන්සිලය තවත් සේවා දිගුවක් ඔහුට ලබා දීමට සූදානමි බව ඔහුට දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, එම යෝජනාව භාර ගැනීමට නොහැකි බව ඇලන් ඩොනල්ට්, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව පැවසේ.

ඔහුගේ තීරණය පෞද්ගලික හේතු මත ගත් තීරණයක් බව ඇලන් ඩොනල්ඩ් පවසා තිබේ.

ඇන්ජලෝ මැතිවුස්ගේ කඩුල්ල දවා ගැනීම සදහා “ටයිම් අවුට්” නමැති ක්‍රමවේදය අනුගමනය කිරීමට ෂකීබ් අල් හසන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇලන් ඩොනල්ඩ් සිය අප්‍රසාදය පළ කර තිබුණි.

එවැනි දවා ගැනීමක් දැකීම කණගාටුවක් බව පැවසූ ඇලන් ඩොනල්ඩ්, එය දිග හැරුණු ආකාරය බලා සිටීම දුෂ්කර වූ බව ද වැඩි දුරටත් පවසා තිබේ.

කෙසේ වෙතත්, බංග්ලාදේශ කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමට ඇලන් ඩොනල්ඩ් ගත් තීරණය පිටුපස, ෂකීබ් අල් හසන් සහ ඇන්ජෙලෝ මැතිවුස් අතර සිදු වූ සිද්ධිය නොමැති බව, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 3 =