‘බදාදාට ආචාර වෙඩි මුර එපා.’
ජනපති කියයි.
ජනාධිපතිවරයා විසින් වාරාවසාන කරන ලද පාර්ලිමේන්තුව මේ බදාදා යළි විවෘත වන අතර, නව සැසිවාරය ආරම්භය වෙනුවෙන් පවත්වන විශේෂ උත්සවෙයන් ආචාර වෙඩි මුර සහ රථපෙළපාලිය ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් පසුව සිදුවන නව සැසිවාරයක් ආරම්භයේ දී ජනාධිපතිවරයා ඔහුගේ රාජාසන කතාව නොහොත් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
නවවන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය එළැඹෙන බදාදා දිනයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ.