‘බදාදා වන විට රුපියල් මිලියන පන්සියයක්
නොලැබුනොත් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දින
නැවතත් කල්දමන්නට වේවි…!’
මැතිවරණ කොමිසම කියයි.
ලබන බදාදා වන විට රුපියල් මිලියන පන්සියයක මුදලක් මැතිවරණ කටයුතු සදහා මුදා හැරීමට මුදල් අමාත්‍යංශය කටයුතු නොකරන්නේ නම් දැනට තැපැල් ඡන්දය සදහා ප්‍රකාශයට පත්කර තිබෙන දින යළි කල්දමන්නට සිදුවනු ඇති බව මැතිවරණ කොමිසම පවසා තිබේ.
මාර්ත-ු නම වන දා පැවැත්වීමට නියමිතව තිබුනු පලාත් පාලන මැතිවරණය අප්‍රේල් මාසයේ 25 වන දාට කල්ගිය අතර, අප්‍රේල් 25 වන දා ඡන්දයට අදාල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම මාර්තු විසි අට සිට තිස් එක දක්වා දිනවල සිදු කරන බව මැතිවරණ කොමිසම නිවේදනය කළේ ය.
මේ අතර මුදල් නොලැබීම හේතුවෙන් මැතිවරණයට අදාල මුද්රණ කටයුතු ඉදිරියට කරගෙන යාමේ දුෂ්කරතාවයක් ඇති බව රජයේ මුද්රණාලයද පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.