බදු වංචාකවකට හසු
වූ පක්ෂ සභාපති;
ඇමති මණ්ඩලයෙන්
සහ පක්ෂයෙන්
නෙරපා දමයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සූනක් විසින්, ඔහු නියෝජනය කරනු ලබන කොන්සර්වේටිව් පක්ෂයේ සභාපති නදීම් සහාවී යන අය පක්ෂ සභාපති ධූරයෙන් නෙරපා හැර ඇති බව වාර්තා වේ.
නදීම් සහාවී, කොන්සර්වටිව් පක්ෂයේ සභාපති ධුරයට අමතරව බ්‍රිතාන්‍ය පාර්ලිf්මන්තුවේ මන්ත්‍රීවරයෙකු සහ අගමැති රිෂී සූනක්ගේ කැබිනට් මණ්ඩලයේ කැබිනට් අමාත්‍යවරයෙකු ද වෙයි.
අග්‍රාමාත්‍යවරයා විසින් නදීම් සහාවි කැබිනට් මණ්ඩලයෙන්ද නෙරපා දමා තිබේ.
ඒ බදු වංචාවක් සම්බන්ධයෙන් නදීම් සහාවිට එරෙහිව පැවති විමර්ෂණයකින් ඔහු ඊට වරදකරු බව තහවුරු වීමෙන් පසුවයි.
කෙසේ වෙතත් නදීම් සහාවි ට එරෙහිව පියවර ගැනීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සූනක් අනවශ්‍ය තරමට කාලය ගත් බවට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය චෝදනා කරයි.