“බදු සහන ලබන සමාගම් මොනවාද…?
තීරුබදු රහිත වාහන ගෙන්නන්නේ කවුද..?
රජයේ කොන්තරාත්තු ලැබෙන්නේ කාටද..?”
අයි.එම්.එෆ් අසයි.
රජය තාමත් නිහඬයි.
2023 මාර්තු මාසය අවසන් වන විට, ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැමිණි එකගතාවයන්ගෙන් 25% ක් සම්පූර්ණ කර තිබෙන බව වාර්තා වේ.
වෙරිටේ රිසර්ච් ආයතනය විසින්, “අයි.එම්.එෆ් ට්‍රැකර්” නමින් හදුන්වා දී තිබෙන පරිඝණක වැඩසටහන අනුව මෙම ගණනය කිරීම් සිදුකර තිබේ.
ඒ අනුව, ලංකාව විසින් සාර්ථකව සපුරා තිබෙන එකගතාවයන්, සැබැවින්ම, අයි.එම්.එෆ් සමග ශ්‍රී ලංකා රජය ගිවිසුම්ගත වීමට පෙරදීම සපුරා ඇති එකගතාවයන් බව වාර්තා වේ.
කෙසේ වෙතත්, පළමු වැනිදා වන විට සපුරා ලිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කර තිබෙන එක් කෝන්දේසියක් සපුරාලීමට ශ්‍රී ලංකාව තවමත් අපොහොසත්ව තිබේ.
එසේ අපොහොසත්ව ඇත්තේ, ආණ්ඩුකරණයට අදාල “ විනිවිද භාවය” තහවුරු කිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසියකි.
එම කොන්දේසියට අනුව, රජය සෑම මාස හයකටම වරක්, රජයේ සියලු ප්‍රසම්පාදන කටයුතු සහ කොන්තරාත්තු පිළිබද සෑම විස්තරකයක්මත්,
ආයෝජන මණ්ඩලය හරහා බදු සහන ලබා ගන්නා සෑම ආයතනයක් පිළිබදවම විස්තරත්,
තීරුබදු සහන ලබා අති සුඛෝපභෝගී මෝටර් රථ ආනයනය කරන පුද්ගලයන් සහ සමාගම් පිළිබදව විස්තරත් හෙළි කිරීමට රජය බැදී සිටියි.
මාර්තු මාසයේ පළමු වැනිදා වන විට එම හෙළිදරව් කිරීම් සම්පූර්ණයෙන්ම සිදුකළ යුතුව තිබුණත්, මේ දක්වා අදාල තොරතුරු හෙළි කිරීමට රජය අපොහොසත්ව ඇති බව වෙරිටේ රිසර්ච් පවසයි.