බන්ග්ලාදේශයේ නිදහස් මැතිවරණ ක්‍රියාවලියට බාධා කළ පුද්ගලයන්ට එරෙහිව එක්සත් ජනපදය වීසා තහනමක් පනවයි…!

0
294

බන්ග්ලාදේශයේ නිදහස් මැතිවරණ
ක්‍රියාවලියට බාධා කළ පුද්ගලයන්ට එරෙහිව
එක්සත් ජනපදය වීසා තහනමක් පනවයි…!

බන්ග්ලාදේශයේ නිදහස් මැතිවරණ ක්‍රියාවලියට බාධා කළ සියල්ලන්ට එරෙහිව වීසා තහනමක් පැනවීම පිළිබදව සලකා බලමින් සිටින බව, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මේ බව අද වෙළදපොළට නිකුත්ව තිබෙන සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටියි.

මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය සදහා දින නියම කර තිබුණද, විවිධ උපක්‍රම ඔස්සේ පාර්ශ්ව රැසක සහභාගීත්වයෙන් මේ වන විට අදාල මැතිවරණය දින නියමයක් නැතිව කල් දමා තිබේ.

නිදහස් මැතිවරණ සදහා බාධා කළ බන්ග්ලාදේශ පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරන ආකාරයෙන්ම, ලංකාවේ අදාල බළධාරීන්ට එරෙහිවද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කළ හැකි බවට මතයක් මේ වන විට ගොඩ නැගෙමින් තිබෙන බව පුවත්පත වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 5 =