බස්නාහිර පළාත / මාළිගාකන්ද;
පියා ඉලක්ක කරමින් කළ වෙඩි තැබීමක්.
හය හැවිරිදි දැරියක් මිය යයි.
මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අසල දී සිදු කළ වෙඩි තැබීමකින් හය හැවිරිදි කුඩා දැරියක මියගොස් තිබේ.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.
වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ දැරියගේ පියා බව පැවසේ.
වෙඩි තැබීම සිදුව අවස්ථාවේදී, දැරිය, ඇගේ පියා සහ ඇගේ මව ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිට ඇත.
දැරියගේ පියා, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට එරෙහිව පවතින නඩුවකට සහභාගී වී ආපහු යමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.