බස්නාහිර පළාත / වැල්ලම්පිටිය.
ගිනි මද්දහනේ
වෙඩි තබා ඝාතනය කොට
වෙඩික්කරුවෝ පලා යති.
අද දහවල් කාලයේ දී, වැල්ලම්පිටිය ප්‍රදේශේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය වාර්තා කරයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.
වෙඩි තැබීමෙන් පසුව, වෙඩික්කරුවන් පලාගොස් ඇති අතර, වෙඩිවැදුණු පුද්ගලයා මියගොස් තිබේ.