බස්සෙක නෑ. ඉස්කෝලේ යන්ඩ නැග්ග ලොරියේ තට්ටුව කඩා වැටී දරුවන් 13 ක් රෝහල්ගත කරයි.

0
95
බස්සෙක නෑ. ඉස්කෝලේ යන්ඩ නැග්ග ලොරියේ තට්ටුව කඩා වැටී දරුවන් 13 ක් රෝහල්ගත කරයි.

ගලෙන්බිදුණුවැව තක්ෂිලා මහා විද්‍යාලයේ දරුවන් 13 දෙනෙකු, ලොරි රථයකින් ඇද වැටී රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

ඊයේ දිනයේ දී මෙම සිදු වීම සිද්ධ වී තිබේ.

දරුවන් පාසල් වෙත යාම සදහා බස් රථය එනතුරු බලා සිටිය ද එය නොපැමිණීම නිසා, පාසලට යාමට කුඩා ලොරි රථයකට ගොඩ වී තිබේ.

දරුවන් ද රැගෙන පාසල වෙත යමින් තිබුනු ලොරි රථයේ තට්ටුව අතර මගදී කඩා වැටී ඇති අතර, ලොරි රථයේ සිට ඇති දරුවන් 37 දෙනාගෙන් 13 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා තිබේ.

තුවාල ලබා ඇති දරුවන් ගලෙන් බිදුණුවැව ග්‍රාමීය රෝහලට සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම වාර්තාව අප වෙතා එවා තිබෙන්නේ ගලෙන්බිදුණුවැව බාලසූරිය මහතා විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × five =