බාල බොරතෙල් ගෙන්වීමෙන් සංස්ථාවට රුපියල් කෝටි 2662 ක පාඩුවක්…!

0
118

බාල බොරතෙල් ගෙන්වීමෙන්
සංස්ථාවට රුපියල් කෝටි 2662 ක පාඩුවක්…!


ප්‍රමිතියකින් තොර බාල බොරතෙන් නැව් පහක් ආනයනය කිරීම හේතුමේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 2662 ක පාඩුවක් සිදුව ඇති බව ඉරිදා අරුණ පුවත්පත වාර්තා කර සිටියි.

ගෙන්වා තිබෙන මෙම බොරතෙල් තත්ත්වයෙන් බාල බවත් ඒ හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුවේ නළ පද්ධතියට මෙන්ම සේවකයන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් වී ඇති බව පැවසේ.

සපුගස්කන්ද පිරිපහදුවට ගැලපෙන්නේ මර්බන් නමැති තෙල් වර්ගයයි. නමුත් මෙරටට ගෙන්වා ඇත්තේ තත්ත්වයෙන් බාල සයිබීරියන් ලයිට් සහ ඌරල් නමැති තෙල් වර්ගයි. එම තෙල් මිලදී ගෙන ඇත්තේ ද වෙළද පොලේ පවතින මිලට වඩා ඉහළ මිලකටයි.

සපුගස්කන්ද පිරිපහදුවේ නල පද්ධතියට සහ සේවකයන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් වී ඇත්තේ ඌරල් නමැති තෙල් වර්ගය බව පැවසේ.

ඩුබායි හී පිහිට කොරල් එනර්ජි නම් සමාගමෙන් අදාල ඉන්ධන නැව් පහ ඇනවුම් කර තිබෙන අතර මේ වන විට ඉන් නැව් දෙකක් දිවයිනට පැමිණ තිබේ.

තෙල් නැව් පහට ගෙවීම් සිදු කිරීමේ දී එක් නැවක් සදහා ඩොලර් මිලියන 14 ක මුදලක් වැඩිපුරා ගෙවා ඇති බවටද අරුණ පුවත්පත පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 7 =