බැංකු ණයක් ගැනීමට වී තොග උකසට තැබීමට රජය සූදානම් වේ.

0
226

බැංකු ණයක් ගැනීමට
වී තොග උකසට තැබීමට
රජය සූදානම් වේ.

මහ කන්නයේ ගොවීයන්ගෙන් වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සදහා රජය තමන් සතු වී තොග රාජ්‍ය බැංකු වෙත උකස් තබා ණය ලබා ගැනීමට සූදානම් වන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර සිටියි.

මීට පෙර වී අලෙවි මණ්ඩලය විසින් රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති රුපියල් බිලියන දෙකකට ආසන්න ණය මුදල් ආපසු නොගෙවීම නිසා නැවතරජයට ණය දිය නොහැකි බව රාජ්‍ය බැංකු දැනුම් දීමෙන් පසුව මේ පියවර ගෙන ඇත.

මහකන්නයේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් තිස් දහසක් මිලදි ගැනීමට රජය අපේක්ෂා කරයි. මේ සදහා අවශ්‍ය රුපියල් බිලියන දෙකක ණය මුදලක් සපයා ගැනීම සදහා තමන් සතු වී තොග රාජ්‍ය බැංක-ු වෙත උකස් තැබීම සදහා වී අලෙවි මණ්ඩලයට අදාල අවසර හිමිවී තිබේ.

පුද්ගලික අංශය වී තොග එක්රැස් කර ගැනීමේ අවධානමක් ඇති බැවින් එය වැළැක්වීම රජයේ අරමුණ බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − two =