බැදුම්කර මගඩිය; අර්ජුන් මහේන්ද්‍රන්
පොදු දේපළ චෝදනාවන්ගෙන් නිදහස්…!
මහබැංකු බැදුම්කරවංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් නම දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන පොදු දේපළ චෝදනාවන්ගෙන් ඔවුන් නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද දිනයේ දී නියෝග කළේ ය.
කෙසේ වෙතත් අනෙකුත් චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුව දෙසැම්බර් 16 වන දා කැදවීමට අධිකරණය තීන්දු කළේ ය.
2015 වසරේ පෙබරවාරි 27 වැනිදා පැවති බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688 ක පාඩුවක් රජයට සිදුකිරීම ඇතුළු අධිචෝදනා 23 ක් යටතේ එම නඩුව පවරා තිබිණි.