බැසිල්ගෙන් ජනපතිට දුරකථන ඇමතුමක්. නාමල්ට – ජොනීට – රෝහිතට – මහින්දානන්දට ඇමතිකම් ඉල්ලයි.

0
555

බැසිල්ගෙන් ජනපතිට දුරකථන ඇමතුමක්.
නාමල්ට – ජොනීට – රෝහිතට – මහින්දානන්දට
ඇමතිකම් ඉල්ලයි.

ඇමරිකාවේ සිටින හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය දිනෙක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව අද වෙළද පොලට නිකුත්ව තිබෙන අරුණ පුවත්පත වාර්තා කරයි.

පුවත්පත වාර්තා කරන ආකාරයට බැසිල් රාජපක්ෂ මහතා දුරකථන ඇමතුම ලබා දී ඇත්තේ මේ සතියේ දී විවාදයට ගැනීමට නියමිත විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනයේ ද්විත්ව පුරවැසියන් සම්බන්ධ වගන්තිය පිළිබදව සාකච්ඡා කිරීමට ය.

එහිදී දෙදෙනා පැමිණි එකගතා පිළිබදව පුවත්පත වැඩිදුර වාර්තා කර නැත.

මෙම දුරකථන සංවාදයේ දී පොහොට්ටු පක්ෂයේ තවත් සිව් දෙනෙකුට අමාත්‍ය ධූර ලබා දීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරී ඇති බව පැවසේ.

ඒ අනුව නාමල් රාජපක්ෂ – ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුණවර්ධන යන අයට අමාත්‍ය ධූර ලබා දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා ඇති නමුත් ජනාදිපතිවරයා එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 5 =