‘බැසිල්ගේ ප්‍රභූ පර්යන්ත බිල රුපියල් හැට දහසක් නොවේ; රුපියල් මිලියන 73 ක්. කවුද ඒ බිල ගෙවන්නේ…?’ සන්ඩේ ටයිම්ස් අසයි.

0
319

‘බැසිල්ගේ ප්‍රභූ පර්යන්ත බිල
රුපියල් හැට දහසක් නොවේ;
රුපියල් මිලියන 73 ක්.
කවුද ඒ බිල ගෙවන්නේ…?’
සන්ඩේ ටයිම්ස් අසයි.


පසුගිය දා යළි දිවයිනයට පැමිණි බැසිල් රාජපක්ෂ පිළිගැනීමට පොහොට්ටු පක්ෂයට සම්බන්ධ මැති ඇමතිවරු ඇතුළු ප්‍රභූවරු රැසක් ගුවන්තොටුපල ප්‍රභූ පර්යන්තයට පැමිණ සිටියේ ය.
ඔවුන් වෙනුවෙන් එහි තේ පැන් සංග්‍රහයක්ද පවත්වා තිබුණු අතර පුවත්පත් වාර්තා කර තිබුණු ආකාරයට සිය දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමටක් එම තේ පැන් සංග්‍රහය භුක්ති විදීමට පැමිණ සිටියේ ය.

ප්‍රභූ පර්යන්තය භාවිතා කිරීම සදහා බැසිල් රාජපක්ෂ මහතා එක් අයෙකුට ඩොලර් දෙසියයක මුදලක් බැගින් ඩොලර් හාරසියයක් ගෙවා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුනි.

ඒ ඔහු වෙනුවෙන් ඩොලර් දෙසියක් සහ ඔහුගේ බිරිද වෙනුවෙන් තවත් ඩොලර් දෙසීයක් වශයෙනුත් ය.
ඒ නමුත් කාමර දෙකකින් සමන්විත ඒ විශේෂ ප්‍රභූ පර්යන්තයට බැසිල් හිතවාදීන් සියයක් පමණ රැස්ව සිටියේ ය.

ඒ අනුව ගෙවිය යුතු සැබෑ මුදල බැසිල් රාජපක්ෂ මහතා විසින් ගෙවන ලද ඩොලර් හාර සියයක මුදල නොව එක් අයෙකුට ඩොලර් දෙසීය බැගින් සිය දෙනෙකුට ඩොලර් විසි දහසක් හෝ රුපියල් මිලියන 73 කි.

කෙසේ වෙතත් එවැනි මුදලක් කිසිවකු විසින් හෝ ගෙවා ඇති බව වාර්තා නොවේ.

එසෙනම් බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීමට ගුවන්තොටුපලට පැමිණි පොහොට්ටු පක්ෂ මැති ඇමතිවරු ඇතුළු පොහොට්ටු පක්ෂ හිතවාදීන්ට තේ පැන් සංග්‍රහයක් පැවැත්වූවේ කෙසේ ද..?

මැති ඇමතිවරු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයක් ස්ථාපනය කර ඇති ආකාරයට ගුවන්තොටුපලේත් භෝජනාගාරයක් ස්ථාපිත කර තිබේද.? සන්ඩේ ටයිම්ස් පුවත්පත විමසයි.

මැති ඇමතිවරු ගුවන්තොටුපලට පැමිණි විට ඔවුන්ට තේ පැන් සංග්‍රහයක් ලබා දීම ගුවන්සේවා අධිකාරිය වගකීමක් නම් එය කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයක් බවයි පුවත්පත පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 − 6 =