බැසිල්ගේ වැඩ ලක්ෂයේ ව්‍යාපෘතියෙන්
රුපියල් බිලියන 85 ක් වතුරේ…!
විගණන වාර්තාවක් හෙළි කරයි.
බැසිල් රාජපක්ෂ මහතාගේ එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වූ වැඩ ලක්ෂයේ වැඩ සටහන සම්පූර්ණයෙන්ම අසාර්ථක ව්‍යාපෘතියක් බව රජයේ විගණන වාර්තාවකින් හෙළි වී තිබේ.
වැඩ ලක්ෂයේ වැඩ සටහන සදහා රුපියල් බිලියන 85 ක මුදලක් දේශීය බැංකු පද්ධතියෙන් ලබා ගෙන තිබුණි.
ඒ සා දැවැන්ත මුදලක් බැංකු පද්ධතියෙන් ලබාගෙන දියත් කළ ව්‍යාපෘතිවලින් 70% ක් ම කිසිදු ප්‍රතිලාභයක් නැති අසාර්ථක ව්‍යාපෘති බවයි විගණන වාර්තාව සදහන් කර තිබෙන්නේ.
වැඩ ලක්ෂයක් ව්‍යාපෘතිය ආරම්භ කළ අවස්ථාවේ දී ම බැසිල් රාජපක්ෂ මහතා ඉන් උත්සාහ දරන්නේ ගම් මට්ටමෙන් පිරිහී යන පොහොට්ටු පක්ෂයේ ජනප්‍රියත්වය යළි නංවා ගැනීම සදහා ප්‍රාදේශීය දේශපාලන හිතවතුන්ට ගසා කෑමේ අවස්ථාව උදාකර දීම බවට විවේචන එල්ල විය.